2022 ජූනි 01, පෙ.ව. 9:09
KK ලෙසින් ජනප්‍රිය වූ බොලිවුඩ් ගායන ශිල්පී ක්‍රිෂ්ණකුමාර් කුන්නත් ඊයේ (31) රාත්‍රියේ ජීවිතයෙන් සමුගෙන තිබෙනවා.
ඊට පැය කිහිපයකට පෙර, කොල්කටා නගරයේ ප්‍රසංගයක් ද පවත්වා ඇති ඔහුට ප්‍රසංගය අතරතුර අසනීප තත්ත්වයක් දැනී තිබුණ ද ප්‍රසංගය අවසන් වන තුරු රෝහල්ගතව නැති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත්තේ.
ක්‍රිෂ්ණකුමාර් කුන්නත් හින්දි, දෙමළ, තෙළිඟු, කන්නඩ, මලයාලම්, මරාති සහ බෙංගාලි යන භාෂාවලින් ගීත ගායනා කළ ගායකයෙකි.
ලොවම වශී කළ සොඳුරු හඬ, ආදරණීය “කේ කේ ” හැම රසික හදවතකටම සදාතනික රසවින්ඳනයක් ඉතුරු කර අද ජීවිත වේදිකාවෙන් සදහටම නික්ම ගොස් තිබෙනවා.
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:53
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:34
2026 සැප්‍තැම්‍බර් 01, ප.ව. 2:18
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48