2024 සැප්‍තැම්‍බර් 18, පෙ.ව. 11:51
ලෙබනනයේ ඊයේ සිදුවූ පේජර් යන්ත්‍ර දහස් ගණනක් පිපිරීම සඳහා පුපුරණ ද්‍රව්‍ය භාවිතා කර ඇතැයි හෙළිවී තිබෙනවා.
මේ අනුව මීට මාස පහකට පෙර ලෙබනනයට ගෙන්වන ලද පේජර් යන්ත්‍රවලට පුපුරන ද්‍රව්‍ය ඇතුලත් කිරීම සිදුව ඇති බවයි සඳහන් වන්නේ.
මෙම පිපිරීම් රේඩියෝ තරංග මගින් සිදුවූවක් නොව පුපුරණ ද්‍රව්‍ය හේතුවෙන් සිදුවූවක් බව මුලින්ම සැක පහළ කරන ලද්දේ එඩ්වර්ඩ් ස්නෝඩන් විසින්. ඔහු කියා සිටියේ සිදුවූ පිපිරීම්වල ස්වභාවය මගින් පෙනී යන්නේ එය බැටරි රත් වීම වැනි දෙයකින් සිදුවූවක් නොවන බවයි.
මේ අතර ලෙබනන බලධාරීන් ද මෙම පිපිරීම් සිදුව ඇත්තේ පුපුරණ ද්‍රව්‍ය මගින් බව කියා සිටියා.
ඊශ්‍රායලය බලධාරීන් ද තමන් පුපුරන ද්‍රව්‍ය යොදාගෙන මෙම ප්‍රහාරය එල්ල කළ බව ඇමරිකානු බලධාරීන් වෙත දන්වා ඇතැයි ද මේ අතර ඇතැම් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
2026 අගෝස්‍තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48
2026 අගෝස්‍තු 04, ප.ව. 11:24
2026 අගෝස්‍තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24