2025 ජූනි 09, පෙ.ව. 11:05
ඊශ්‍රායලය විසින් අවහිර කරගෙන සිටින ගාසා තීරයට මානුශීය ආධාර රැගෙන ගිය මැඩ්ලීන් නෞකාව සිය භාරයට ගැනීමට ඊශ්‍රායල හමුදා කටයුතු කර තිබෙනවා.
අද උදෑසන ඊශ්‍රායල හමුදා මෙම නෞකාව පැහැරගත් අතර එහි සිටි ක්‍රියාකාරීන් 12 දෙනා එරටින් පිටුවහල් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ගාසා තීරයේ වැසියන්ට අවශ්‍ය ආහාර සහ ඖෂධ රැගත් මෙම නෞකාව සංවිධානය කළේ ෆ්‍රීඩම් ෆ්ලොටිලා එකමුතුව විසින්.
ගාසා තීරයේ මිලිටරි මෙහෙයුම් අතරතුර එදෙසට ආධාර යැවීම ඊශ්‍රායලය විසින් සම්පූර්ණයෙන් අවහිර කර තිබෙනවා. එය අන්තර්ජාතික නීතියට පටහැනි ක්‍රියාවක්. නමුත් ඊශ්‍රායලයේ ක්‍රියාව වැළැක්වීමට එක්සත් ජාතීන් ඇතුලු අන්තර්ජාතික සංවිධාන අපොහොසත්ව තිබෙනවා.
2026 අගෝස්‍තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48
2026 අගෝස්‍තු 04, ප.ව. 11:24
2026 අගෝස්‍තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24