hit counter

2025 අප්‍රේල් මස 21 වන සඳුදා

2024 මාර්තු 30, ප.ව. 12:33



සැකකටයුතු ඊශ්‍රායල ජාතිකයකු ක්වාලා ලම්පූර් අගනුවර හෝටලයක නැවතී සිටියදී අත්අඩංගුවට ගන්නා ලද බව මැලේසියානු පොලිස්පත් රසරුද්දීන් හුසේන් සිකුරාදා ප්‍රකාශ කළා.

මාර්තු 12 වනදා මැලේසියාවට පැමිණ ඇති මෙම තැනැත්තා පවුල් ආරවුලක් මත තවත් ඊශ්‍රායල ජාතිකයකු ඝාතනය කිරීම සඳහා පැමිණියේ යයි සඳහන් කර තිබෙනවා. කෙසේ වෙතත් 36 හැවිරිදි මෙම තැනැත්තාගේ රැකියාව පිළිබඳ ඔහු කරුණු සඟවා ඇතැයි පොලිසිය පවසනවා.

මොහු සතුව ගිනි අවි හයක් තිබී ඇති අතර ඒවා හමුවන අවස්ථාවේ ඉන් තුනක පතුරොම් පුරවා තිබුණු බවත් තවත් උණ්ඩ 200 ක් පමණ ඔහු සතුව තිබුණු බවත් සඳහන්. එමෙන්ම ඔහු සතුව තවත් ගමන් බලපත්‍රයක් ද තිබී හමුව තිබෙනවා.

මේ 36 හැවිරිදි ඊශ්‍රායල ජාතිකයා මොසාඩ් සංවිධානයේ සාමාජිකයකුදැයි සැකය මැලේසියානු බලධාරීන් මතු කරන අතර ඔහු සමග තවත් අය සම්බන්ධව සිටීදැයි සෙවිය යුතු බවයි කියා සිටින්නේ. එමෙන්ම මොහු මෙම අවි ආයුධ රට තුලට ගෙන ආ ආකාරය ද පරික්ෂා කළ යුතු බව පොලිසිය පවසනවා.