2023 නොවැම්‍බර් 29, ප.ව. 10:53
ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තයේ ක්‍රියාත්මක වූ එක්සත් ජාතික විමුක්ති පෙරමුණ (United National Liberation Front)) අද දින ඉන් දීය රජය සමග සටන් විරාමයකට එළඹියා.
මනිපූර් ප්‍රාන්තයේ ඉම්පාල් නිම්නය තුළ ක්‍රියාත්මක වූ පැරණිම බෙදුම්වාදී ව්‍යාපාරය මෙම සංවිධානයයි. එය ස්වාධීන, සමාජවාදී මනිපූර් ප්‍රදේශයක් සඳහා සටන් වැදුණා.
ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා සඳහන් කළේ ඉන්දියානු රජය සහ මෙම සන්නද්ධ කණ්ඩායම අතර සාම ගිවිසුම මගින් දශක හයක් මුළුල්ලේ ක්‍රියාත්මක සන්නද්ධ අරගලයක් නිමවන බවයි.
ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට ඔවුන්ව පිළිගන්නා බවත් ඔවුන්ට සුබපතන බවත් අමිත් ෂා සඳහන් කළා.
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:53
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:34
2026 සැප්‍තැම්‍බර් 01, ප.ව. 2:18
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48