2024 මාර්තු 08, ප.ව. 2:19
ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක මොහොමඩ් ශාමිට ඉදිරි මහමැතිවරණය සඳහා තරග කිරීමට භාරතීය ජනතා පක්ෂයෙන් ආරාධනා ලැබී තිබෙනවා.
බටහිර බෙංගාල ප්‍රාන්තයේ බසිර්හට් ආසනයෙන් මෙසේ තරග කරන ලෙසයි බීජේපී නායකත්වය ශාමිට ආරාධනා කර ඇත්තේ.
මේ වනවිට බසිර්හට් ආසනය නියෝජනය කරන්නේ ත්‍රිණමූල් කොන්ග්‍රසයේ නුස්රට් ජහාන් මන්ත්‍රීවරියයි. ඇය බෙංගාලි සිනමා නිළියක ද වනවා.
බසිර්හට් හි සැලකියයුතු මුස්ලිම් ජනගහනයක් වාසය කරන අතර ශාමි වැන්නකු තරගයට ඉදිරිපත් කිරීමෙන් එම ඡන්ද ද විශාල ප්‍රමාණයක් තමන්ට ලබාගත හැකි වේ යයි බීජේපීය අපේක්ෂා කරනවා.
කෙසේ නමුත් ශාමි මේ වනතෙක් බීජේපීයෙහි ආරාධනය පිළිබඳ තීරණයක් ගෙන නැති බවයි දැනගන්නට ලැබෙන්නේ.
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:53
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:34
2026 සැප්‍තැම්‍බර් 01, ප.ව. 2:18
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48