hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2024 මැයි 27, ප.ව. 3:42



ජපානයේ ෆුජිකවාගුචිකෝ නගරය මෑතක් වනතුරු සංචාරකයන් අතර බෙහෙවින් ජනප්‍රිය ස්ථානයක් වුණා. එයට හේතුව එම නගරයෙහි සිට ෆූජි කන්ද මනරම්ව දර්ශනය වීමයි. කෙසේ වෙතත් නගර බලධාරීන් පසුගිය මැයි 21 වනදා එම දර්ශනය දැල් සහිත තිරයක් යොදා වසා දමා තිබෙනවා.

මාර්ග නීති උල්ලංඝණය කරමින් ඡායාරූප ගන්නා සංචාරකයන් හේතුවෙන් සිදුවන බාධාව​, කැළි කසල පිළිවෙලකට නොදැමීම, විශාල පිරිස් ඒකරාශී වීමෙන් වන බාධා යනාදී වශයෙන් සංචාරකයන් වෙතින් වන ගැහැට හේතුවෙන් මෙම පියවර ගත් බවයි නගර බලධාරීන් පැවසූයේ.

ෆූජි කන්ද බොහෝ ස්ථානවල සිට දර්ශනය වුවද ෆුජිකවාගුචිකෝ නගරය එම කන්දෙහි දර්ශනය දැකගැනීමට සිත්කළුම ස්ථානයක් ලෙස ප්‍රකටව තිබුණා.