hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 අප්‍රේල් 20, පෙ.ව. 8:22



ඇමරිකාව තුළ ටික් ටොක් සමාජ මාධ්‍යය තහනම් කිරීමට තමන් පක්ෂ නොවන බව X සමාජ මාධ්‍යයෙහි හිමිකරු ඊලොන් මස්ක් පවසනවා.

තම ආයතනයට ටික් ටොක් තහනමෙන් වාසියක් ලැබිය හැකි වුවද තමන් එම තහනමට විරුද්ධ බවත් එමගින් භාෂණයේ නිදහස සීමා වන බවත් මස්ක් සිය X ගිණුම ඔස්සේ සටහනක් තබමින් කියා සිටියා. භාෂණයේ නිදහස සීමා කිරීම ඇමරිකාව පෙනී සිටින ස්ථාවරයක් නොවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ටික් ටොක් සමාජ මාධ්‍ය අයත් බයිට් ඩාන්ස් සමාගම චීන රජය සමග සබඳතා පවත්වන බවට සහ චීන රජය වෙත දත්ත ලබාදෙන බවට වන සැකය මුල් කරගනිමින් එම සමාජ මාධ්‍යය ඇමරිකාව තුළ තහනම් කිරීම සඳහා යෝජනා වී තිබෙනවා.