hit counter

2026 අගෝස්‍තු මස 26 වන බදාදා

2025 මාර්තු 09, ප.ව. 11:52



තම ස්ටාර්ලින්ක් සන්නිවේදන පද්ධතියට ඇති ප්‍රවේශය නවතා දැමුවහොත් යුක්‍රේන සටන් පෙරමුණ වහාම කඩාවැටෙනු ඇතැයි ඊලොන් මස්ක් පවසනවා.

යුක්‍රේනයේ හමුදා සිය සන්නිවේදන කටයුතු සඳහා මෙන්ම ඩ්‍රෝන ප්‍රහාර ආදිය සඳහා ද ස්ටාර්ලින්ක් පද්ධතිය භාවිතා කරනවා.

යුද්ධයේ මුල් සමයේ සිට එම පද්ධතිය ඔවුනට මහඟු උපකාරයක් වුණා. කෙසේ වෙතත් මෑතකදී මස්ක් සිය ස්ථාවරයන් වෙනස් කර ඇති පසුබිමක ස්ටාර්ලින්ක් ලබා නොදීමේ හැකියාව මතුව තිබෙනවා.

යුක්‍රේනය ඇමරිකාව සමග ඛනිජ සම්පති පිළිබඳ ගිවිසුමකට එළඹීම ප්‍රතික්ෂේප කළහොත් ස්ටාර්ලින්ක් නවතා දැමිය හැකි යැයි මස්ක් තර්ජනය කළ බව මීට පෙර අවස්ථාවක රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළා. නමුත් එම වාර්තාව ව්‍යාජයක් යැයි මස්ක් ප්‍රකාශ කළා.