hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 දෙසැම්‍බර් 02, ප.ව. 9:03



මියන්මාරයේ වෙළෙඳ අගනුවර වන යැන්ගොන් ආසන්න ප්‍රදේශවලදී එරට හමුදාව වෙත ප්‍රහාර කිහිපයක් එල්ල වූයේ යැයි එරට විපක්ෂ කණ්ඩායම් කියා සිටිනවා.

සිකුරාදා දිනයේදී මියන්මාර් හමුදා පාලනයට සහය පළ කරන නව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සභාපති ඌ තාන් ටුන් ඝාතනය කිරීමට විරෝධතා කණ්ඩායමක් සමත් වුණා. ඌ තාන් ටුන් ඔහුගේ නිවසේදී වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

මේ අතර කයාන්, උතුරු ඔක්කලාපා, ඉන්සෙයින් ආදී ප්‍රදේශවලදී හමුදා කණ්ඩායම් වෙත ප්‍රහාර එල්ල වී ඇති බවයි විපක්ෂ කණ්ඩායම් පවසන්නේ.

හමුදා පාලනය පෙරළා දැමීම සඳහා සටන් වදින නාගරික සටන්කාමී කණ්ඩායම් සහ මියන්මාර් විකල්ප ආණ්ඩුවෙහි සන්නද්ධ කණ්ඩායම වන මහජන ආරක් ෂක බලකාය
මෙම ප්‍රහාරවලට සම්බන්ධ බවයි සඳහන් වන්නේ.

මේ අතරතුර කයා ප්‍රාන්තයේ ලොයිකව් නගරය සඳහා තවමත් දරුණු සටන් පවතිනවා. කරෙන්නි ජාතිකයන්ගේ ආරක්ෂක බලකාය පවසන්නේ නගරයෙන් අඩක් පමණ තමන් අතට පත්ව ඇති අතර එම කොටසෙහි තමන් රිසිසේ ඔබ මොබ යන බවයි.