hit counter

2026 පෙබරවාරි මස 26 වන බ්‍රහස්පතින්දා

2022 අගෝස්‍තු 12, ප.ව. 7:22



ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඔහු සතුව තිබූ එකම ඉඩම් කැබැල්ල පරිත්‍යාග කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඔහු ගුජරාට් ප්‍රාන්තයේ මහ ඇමතිවරයා හෙබවූ සමයේ තවත් තිදෙනෙකු ද සමග එක්ව මෙම ඉඩම් කැබැල්ල මිලදී ගෙන ඇති අතර එහි ඔහුට අයත් කොටස මෙසේ පරිත්‍යාග කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සතුව ඔහුගේ නමට කිසිදු මෝටර් රථයක් නොමැති බවත් ඔහුගේ සම්පූර්ණ වත්කම ඉන්දීය රුපියල් දෙකෝටි විසි තුන් ලක්ෂයක් බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා, අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වාර්ෂිකව වත්කම් ප්‍රකාශයක් ඉන්දීය නීතිය යටතේ සෑම වසරකම ලබාදිය යුතු වෙනවා.

ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා බැඳුම්කර සමාගම් කොටස් හෝ ආයෝජන කිසිවකට හිමිකම් නොකියන බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙනවා.