2024 සැප්තැම්බර් 28, ප.ව. 10:31
ඊයේ ලෙබනනයේ බේරූට් නගරය වෙත එල්ල වූ දැවැන්ත ඊශ්‍රායල ප්‍රහාරයෙන් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම් හසන් නස්රල්ලා ඝාතනය වූ බව එම සංවිධානය විසින් තහවුරු කෙරුණා.
ඔවුන් විසින් එම ප්‍රකාශය කරන ලද්දේ ඊශ්‍රායල හමුදා විසින් ඒ බව සඳහන් කිරීමෙන් පැය කිහිපයකට පසුවයි.
හසන් නස්රල්ලා 1992 සිට හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම් වශයෙන් කටයුතු කළා. ඔහුගේ මරණය එම සංවිධානයට ප්‍රබල පහරක් වනු ඇති.
ඊශ්‍රායල හමුදා ප්‍රධානී හර්ට්සි හලේවි සඳහන් කළේ මෙම ප්‍රහාරය ඉතා හොඳ පෙර සූදානමකින් යුතුව එල්ල කෙරුණක් බවයි. ඊශ්‍රායලය සිය ආරක්ෂාව සලසා ගැනීම සඳහා අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා බවයි ඔහු පෙන්වා දුන්නේ.
මේ අතර හිස්බුල්ලා සංවිධානයෙහි හමුදා විධානයෙහි මුල් මට්ටම් කිහිපයේ සියළුම ප්‍රධානීන් පාහේ මේ වනවිට ඝාතනය කර ඇතැයි ඊශ්‍රායලය අද සවස නිවේදනය කළා.
හසන් නස් රල්ලාගේ අනුප්‍රාප්තිකයා ලෙස ඔහුගේ ඥාති සහෝදරයකු ද වන හශෙම් සෆියෙද්දීන් නම් කෙරෙනු ඇතැයි මේ වනවිට බොහෝ මාධ්‍ය අනුමාන කරනු ලබනවා. ඔහු 1994 සිට හිස්බුල්ලා සංවිධානයේ කටයුතු කළ අයෙක්. එහි එදිනෙදා පරිපාලන කටයුතු හා මූල්‍ය පරිපාලනය ඔහු අත වූ බවයි සඳහන් වන්නේ.
2024 නොවැම්බර් 04, ප.ව. 6:37
2024 නොවැම්බර් 04, ප.ව. 6:04
2024 නොවැම්බර් 03, ප.ව. 3:59
2024 නොවැම්බර් 01, පෙ.ව. 12:24
2024 ඔක්තෝබර් 29, පෙ.ව. 11:43