hit counter

2024 මැයි මස 21 වන අඟහරුවාදා

2024 අප්‍රේල් 30, පෙ.ව. 8:04



ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු, ආරක්ෂක ඇමති යොආව් ගලාන්ට් සහ කිසියම් හමුදා නිලධාරියෙක් හෝ කිහිපදෙනෙක් අත්අඩංගුවට ගැනීම සඳහා අන්තර්ජාතික අපරාධ අධිකරණය විසින් නුදුරේදීම වරෙන්තු නිකුත් කිරීමට ඉඩ ඇතැයි ඇමරිකාවේ NBC මාධ්‍ය ආයතනය වාර්තා කර තිබුණා.

2014 සිට ගාසා තීරයෙහි දී ඊශ්‍රායල හමුදා සහ සන්නද්ධ සටන්කාමී කණ්ඩායම් විසින් කරන ලදැයි කියන යුධ අපරාධ සම්බන්ධව 2021 දී ඇරඹුණ පරීක්ෂණයකට අදාලවයි මෙසේ වරෙන්තු නිකුත් කිරීමට ඉඩ ඇත්තේ.

මේ අයුරින් වරෙන්තු නිකුත් වුවහොත් අන්තර්ජාතික අපරාධ අධිකරණයේ බලය පිළිගන්නා රටවල් 124 කදී නෙතන්යාහුව අත්අඩංගුවට ගැනීමට අවස්ථාව තිබෙනවා.

කෙසේ වෙතත් ඇමරිකාව​, රුසියාව​, ඊශ්‍රායලය​, චීනය වැනි රටවල් එම අධිකරණය පිළිගෙන නැහැ.