2024 ජූනි 17, ප.ව. 5:32
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු තම යුධ කැබිනෙට්ටුව විසුරුවා හැරීමට තීරණය කළ බව ඇමති මණ්ඩලය සමග ප්‍රකාශ කර තිබෙනවා.
2023 ඔක්තෝබර් 7 හමාස් ප්‍රහාරයෙන් ස්වල්ප කලකට පසු මෙම යුධ කැබිනෙට්ටුව ස්ථාපිත කෙරුණේ බෙනී ගාන්ට්ස්ගේ පක්ෂය ආණ්ඩුව සමග එක්වීමත් සමගයි. එහි පූර්ණ සාමාජිකයන් වූයේ අගමැතිවරයා, ආරක්ෂක ඇමති යොආව් ගලාන්ට් සහ බෙනී ගාන්ට්ස් යන තිදෙනායි. එමෙන්ම මූලෝපායික කටයුතු පිළිබඳ අඇමති රොන් ඩර්මර්, ගාඩි අයිසන්කොට් සහ ආර්යේ ඩෙරි නිරීක්ෂක මට්ටමේ සාමාජිකයන් වුණා.
බෙනී ගාන්ට්ස් සහ අයිසන්කොට් මෑතකදී ආණ්ඩුවෙන් ඉවත් වූයේ නෙතන්යාහු ගාසා හි යුද්ධය ජයගැනීමට ක්‍රමවත් සැලැස්මකින් කටයුතු නොකරන අතර දේශපාලනික හේතු මත යුධ උපක්‍රම තීරණය කරන බවට චෝදනා කරමින්.
ඔවුන් ආණ්ඩුවෙන් ඉවත් වීමෙන් අනතුරුව යුධ කැබිනෙට්ටුවක අවශ්‍යතාවයක් නොමැති බව නෙතන්යාහු පවසනවා. ඒ අනුව අනාගතයේදී යුද්ධය සම්බන්ධ තීරණ ගැනීම සඳහා අවශ්‍ය නම් ගලාන්ට් සහ ඩර්මර් වැනි ඇමතිවරුන් හා සාකච්ඡා කළ හැකි යයි නෙතන්යාහු පවසනවා.
2025 අප්‍රේල් 20, ප.ව. 7:06
2025 අප්‍රේල් 08, ප.ව. 5:41
2025 අප්‍රේල් 03, ප.ව. 8:58
2025 මාර්තු 31, ප.ව. 5:53
2025 මාර්තු 31, ප.ව. 1:43