hit counter

2024 මැයි මස 06 වන සඳුදා

2024 මාර්තු 04, ප.ව. 7:22



ඊශ්‍රායල යුධ කැබිනෙට්ටුවේ සාමාජික බෙනී ගාන්ට්ස් ඇමරිකාවෙහි සංචාරයක් සඳහා තම අවසරයකින් තොරව පිටත්ව යාම පිළිබඳ අගමැති බෙන්ජමින් නෙතන්යාහු කුපිත වී ඇතැයි වාර්තා වනවා.

ගාන්ට්ස් එම ගමනේදී ඇමරිකානු බලධාරීන් හමුවී ගාසා තීරයේ පවතින තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බවයි සඳහන් වූයේ.

ඇමරිකානු උප ජනාධිපතිණි කමලා හැරිස් ගාසා තීරයේ වහාම සටන් විරාමයක් ක්‍රියාත්මක කළ යුතු යයි ප්‍රකාශ කර ස්වල්ප වෙලාවකට පසු මෙම සංචාරය පිළිබඳ කරුණු අනාවරණය වුණා.

මේ අතර බෙන්ජමින් නෙතන්යාහු අගමැති ධුරයෙහි රැඳී සිටීම පිළිබඳ ඊශ්‍රායල ජනයාගෙන් මතුවන විරෝධතා වර්ධනය වෙමින් තිබෙනවා. ඇතැමුන් චෝදනා කරන්නේ ඔහු හමාස් සංවිධානය භාරයේ සිටින ප්‍රාණ ඇපකරුවන් මුදාගන්නට ප්‍රමාණවත් ලෙස කටයුතු නොකරන බවයි.

යුද්ධය දිගටම පවත්වාගැනිමින් සිය දේශපාලන අනාගතය ආරක්ෂා කරගැනීමට නෙතන්යාහු උත්සාහ කරන බව ද මේ අතර මතුවන චෝදනාවක්.