hit counter

2024 මැයි මස 21 වන අඟහරුවාදා

2024 ජනවාරි 19, ප.ව. 11:02



ඉරානයට එරෙහිව ඊශ්‍රායලය මේ වනවිට ද ඍජු ප්‍රහාර එල්ල කරමින් සිටින බවත් එරට න්‍යෂ්ටික අවි නිපදවීමට ගන්නා උත්සාහය ව්‍යර්ථ කිරීමට නොනැවතී කටයුතු කරන බවත් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසනවා.

මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරක් දෙමින් ඔහු මේ බව සඳහන් කළා.

එම මාධ්‍යවේදියා අසා සිටියේ ඊශ්‍රායලය ඉරාන සහය ලබන කණ්ඩායම් සමග ගැටෙනවා විනා ඉරානය වෙත ඍජුව පහර නොදෙන්නේ ඇයිද කියායි.

ඉරානය හමාස් සංවිධානයට සහය දෙනවා මෙන්ම 2023 ඔක්තෝබර් 7 ප්‍රහාරය සැලසුම් කිරීමට ද සහය වූ බවට ඊශ්‍රායලය චෝදනා කරනවා.