hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2024 පෙබරවාරි 24, පෙ.ව. 12:48



ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් හමාස් සංවිධානය පරාජය කිරීමෙන් අනතුරුව ගාසා හි කටයුතු පිළිබඳ සිය සැලසුම් හෙළිකර තිබෙනවා.

එහිදී ඔහු කෙටි කාලීන​, මධ්‍ය කාලීන සහ දුගු කාලීන වශයෙන් ඔහුගේ සැලසුම් බෙදා තිබෙන බවයි වාර්තා වන්නේ. එමෙන්ම ඊශ්‍රායල හමුදා හමාස් සංවිධානය සම්පූර්ණයෙන් පරාජය වනතුරු සහ ප්‍රාණ ඇපකරුවන් සියල්ල නිදහස් කරගන්නාතුරු ප්‍රහාර එල්ල කරන බව ද සඳහන් කරනවා.

මේ අතර මධ්‍යකාලීන ඉලක්කයක් ලෙස ගාසා තීරය තුළ සිය ආරක්ෂාව සඳහා අවශ්‍ය වන මෙහෙයුම් සිදුකිරීම සඳහා දිගටම අවකාශය තබාගැනීමට ඊශ්‍රායලයට අවශ්‍ය බවයි ප්‍රකාශ වී ඇත්තේ. තවද ගාසා තීරය සහ ඊජිප්තුව අතර දේශසීමාව වසාදැමීම සඳහා ඇමරිකාව සහ ඊජිප්තුව සමග එක්ව කටයුතු කිරීමට යෝජනා වී තිබෙනවා.

ගාසා තීරයේ අභ්‍යන්තර පාලනය පලස්තීනුවන් වෙත ලබාදිය යුතු වුවද එයට පලස්තීන පාලන අධිකාරිය සම්බන්ධ කරගැනීම මෙම යෝජනාවලිය මගින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. එයට හේතුව ලෙස සඳහන් කර තිබෙන්නෙ එම පාලනාධිකාරිය ඔක්තෝබර් 7 වනදා හමාස් ප්‍රහාරය හෙළා දැකීමට කටයුතු නොකිරීම ය​.

නෙතන්යාහුගේ යෝජනාවලිය පලස්තීන පාලනාධිකාරිය විසින් ද ප්‍රතික්ෂේප කරනු ලැබ තිබෙනවා. ඔවුන් ප්‍රකාශ කරන්නේ මෙය ඔහුගේ දේශපාලන අනාගතය ආරක්ෂා කරගැනීම සඳහා යුද්ධය දිග ඇදීමේ තවත් උපක්‍රමයක් බවයි. එමෙන්ම ගාසා තීරය නැවත ඊශ්‍රායලය විසින් අත්පත් කරගැනීමක් මෙහිදී සිදුවන බව ද ඔවුන් පවසා සිටිනවා.