hit counter

2024 ජූලි මස 26 වන සිකුරාදා

2024 පෙබරවාරි 23, පෙ.ව. 9:15



යටත් විජිත යුගයේදී සහ පසු යටත්විජිත යුගයේදී සිය රටට සිදුකරන ලද හානියට වන් දි ලබාගැනීම සඳහා ප්‍රංශයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම කෙරෙහි අවධානය යොමුකර ඇතැයි නිජර් රාජ්‍යය පවසනවා.

බටහිර අප්‍රිකාවේ පිහිටි එම රාජ්‍යයේ පසුගිය වසරේ සිදුවූ හමුදා කුමන්ත්‍රණයෙන් අනතුරුව බලයට පත් ජෙනරාල් අබ්දුර්රහමන් චියානි මීට දින කිහිපයකට පෙර මේ බව රාජ්‍ය මාධ්‍ය හමුවේ කියා සිටියා.

ප්‍රංශය විසින් නිජර්වලින් රැගෙනගිය සම්පත් මෙන්ම නිජර් හි සාමාජීය​, දේශපාලනික ව්‍යුහයට කළ අහිතකර බලපෑම් පිළිබඳ තක්සේරුවක් සිදුකිරීම සඳහා කටයුතු කරන බවයි ඔහු කියා සිටියේ. එමගින් යටත් විජිත ස්වාමීන් වෙතින් පූර්ණ නිදහස ලබාගත හැකි වේ යයි ඔහු පවසනවා.

ප්‍රංශය නිජර් රාජ්‍යයෙන් සිය න්‍යෂ්ටික බලාගාර සඳහා යුරේනියම් ලබාගැනීම පසුගිය වසර තෙක්ම සිදුකළ අතර නිජර් හි 1,500 ක හමුදාවක් ද රඳවා තිබුණා.

පසුගිය සමයෙහිදී අප්‍රිකාවේ පැරණි ප්‍රංශ යටත් විජිතවල ප්‍රංශ විරෝධී රැල්ල උත්සන්නව තිබෙනවා. ගිනි, මාලි, බුර්කිනා ෆාසෝ, නිජර් වැනි රටවල සිදුවූ හමුදා කුමන්ත්‍රණ එහිම දිගුවක් ලෙසයි පෙනී යන්නේ.