hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2024 අප්‍රේල් 02, ප.ව. 10:10



නයිජීරියාවේ පවතින ආර්ථික අර්බුදය විසඳාගැනීමේ අදහසින් කෙරෙන පියවරක් ලෙස එරට ජනාධිපතිගේ නිල ගුවන් යානා අතුරින් යානා තුනක් විකුණා දැමීමට ආණ්ඩුව කටයුතු කරන බව වාර්තා වනවා.

ජනාධිපතිගේ ගුවන් යානා අතර ජෙට් හයක් ද හෙලිකොප්ටර් හතරක් ද තිබෙන බවයි වාර්තා වන්නේ.

රජයේ වියදම් අඩු කිරීමේ පියවරක් ලෙස මෙම ජෙට් යානා තුනක් විකිණීමට මෙසේ නයිජීරියාව කටයුතු කරන බවයි දැනගන්නට ලැබෙන්නේ.

2016-2023 සමයේ ජනාධිපතිගේ නිල ගුවන් යානා නඩත්තුවට ඇමරිකානු ඩොලර් මිලියන 60 ක් වියදම් වී තිබෙනවා. ගුවන් යානා විකිණීම මගින් ඍජු ආදායමක් ලැබෙනවාට අමතරව​ නඩත්තු වියදමෙන් කොටසක් අඩු කරගැනීමට ද හැකියාව ලැබේ යයි අපේක්ෂා කෙරෙනවා.

මීට පෙර​, 2016 දී ද නයිජීරියාව ජනාධිපතිගේ ගුවන් යානාවලින් දෙකක් විකිණීමට උත්සාහ කළ ද ඒ සඳහා සෑහීමකට පත්වන මුදලක් ගෙවීමට සූදානම් වූ ගැනුම්කරුවන් හමු නොවූ බව සඳහන්.