hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2024 ජනවාරි 22, ප.ව. 11:36



ඇමරිකාවේ 2024 ජනාධිපතිවරණයෙහි රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂකයා තේරීමේ මූලික තෝරාගැනීම් තරග දැන් ඇරඹී තිබෙනවා.

කෙසේ වෙතත් එහි පළමු තරගය වූ අයෝවා ප්‍රාන්ත ඡන්ද රැස්වීම්වලින් අනතුරුව විවේක් රාමස්වාමි හා රොන් ඩි සැන්ටිස් යන දෙදෙනාම තරගයෙන් ඉවත්ව ඇති හෙයින් දැනට හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග සටන් කිරීමට ඉතිරිව සිටින්නේ නිකී හේලි පමණයි.

ඉන්දීය සම්භවයකින් යුතු හේලි ජනාධිපති ට්‍රම්ප් යටතේ එක්සත් ජාතීන්ගේ ඇමරිකානු තානාපති ලෙස කටයුතු කළ අතර දකුණු කැරොලිනාවේ හිටපු ආණ්ඩුකාරවරියක ද වනවා.

මීළඟට පක්ෂයේ අපේක්ෂකයා තේරීමේ සටන පැමිණෙන්නේ නිව් හැම්ප්ශයර් හි ය​. මෙහිදී නිකී හේලි අසාර්ථක වුවහොත් එහි අදහස නම් ට්‍රම්ප්ට අභියෝග කළ හැකි අයකු පක්ෂයේ නොමැති බවයි.