hit counter

2026 අගෝස්‍තු මස 29 වන සෙනසුරාදා

2024 ඔක්‍තෝබර් 15, ප.ව. 3:31



උතුරු කොරියානු හමුදා අද දිනයේදී දකුණු කොරියාව දෙසට වැටී තිබුණු මාර්ග පුපුරවා හැරීමට කටයුතු කර තිබෙනවා.

මේ අනුව දකුණු කොරියාව දෙසට වැටී ඇති ජොංග්-යී (Gyeongui) සහ දුංග්-යේ (Donghae) මාර්ග පුපුරවා හැරීමට උතුරු කොරියාව කටයුතු කළා. මෙම පිපිරීම් කොරියාවේ වෙලාවෙන් මධ්‍යහ්නය ආසන්නයේදී දෙරට අතර මිලිටරි සීමාව ආසන්නයේදී සිදුව තිබෙනවා.

උතුරු කොරියානුවන්ට අනතුරු ඇඟවීමක් ලෙස දකුණු කොරියානු හමුදාව ද මිලිටරි සීමාව මායිම ආසන්නයට කාලතුවක්කු ප්‍රහාර එල්ල කළ බව දකුණු කොරියාව පැවසුවා.

උතුරු කොරියානුවන් පසුගිය දිනවල දෙරට අතර සීමාව බෙදීමට කටයුතු කළ බව වාර්තා වනවා. ඒ අනුව ඇතැම් ස්ථානවල බිම් බෝම්බ ඇතිරීම සහ බාධක ඉදි කිරීම සිදුව ඇතැයි පැවසෙනවා.

මේ අතර දකුණු කොරියාව විසින් උතුරු දෙසට ඩ්‍රෝන එවන ලදැයි උතුරු කොරියාව චෝදනා කරනවා. මෙම ඩ්‍රෝන පියාසැරිය සහ ආරක්ෂක තත්ත්වයන් පිළිබඳ කරුණු සාකච්ඡා කිරීමට උතුරු කොරියානු නායක කිම් ජොංග්-උන් විශේෂ ආරක්ෂක කමිටු රැස්වීමක් ද කැඳවූ බව උතුරු කොරියාවේ නිල රාජ්‍ය මාධ්‍ය ඒජන්සිය වන කොරියානු මධ්‍යම පුවත් ඒජන්සිය නිවේදනය කළා.