2024 ඔක්තෝබර් 25, ප.ව. 4:26
උතුරු කොරියානු හමුදාවන් ඔක්තෝබර් 27-28 අතරතුර යුක්‍රේන යුධබිමෙහි සටන් සඳහා එක්වන බව බුද්ධි තොරතුරු මගින් අනාවරණය වන්නේ යයි යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසනවා.
උතුරු කොරියානු සෙබළුන් මෙසේ සටන් බිමට එක්වන බව යුක්‍රේනය කලක තිස්සේ චෝදනා කරනවා. රුසියාව තුළ උතුරු කොරියානු සෙබළුන් රැඳී සිටින බව මෑතකදී ඇමරිකාව ද සඳහන් කර තිබුණා.
පසුගිය ජූනි මාසයේදී රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් උතුරු කොරියාවේ සංචාරයක නිරත වුණා. එහිදී ඔහු සහ උතුරු කොරියානු නායක කිම් ජොංග්-උන් විසින් දෙරට අතර සහයෝගිතා ගිවිසුමක් අත්සන් කෙරුණා. එයින් අනතුරුව දෙරට අතර හමුදා සබඳතා පුළුල් වන්නේ යයි පෙනීගොස් තිබෙනවා.
පසුගිය වසරේ අගභාගයේ පටන් උතුරු කොරියාව විසින් රුසියාව වෙත කාලතුවක්කු උණ්ඩ, රොකට් සහ මිසයිල ලබාදෙන බව ද සඳහන් වනවා.
2026 අගෝස්‍තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48
2026 අගෝස්‍තු 04, ප.ව. 11:24
2026 අගෝස්‍තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24