hit counter

2026 ජූනි මස 25 වන බ්‍රහස්පතින්දා

2025 පෙබරවාරි 28, පෙ.ව. 9:50



තුර්කියේ කුර්දිස්ථාන කම්කරු පක්ෂයේ (PKK) නායක අබ්දුල්ලා ඔචාලන් සිය සංවිධානයේ සාමාජිකයන්ට අවි බිම තබා ප්‍රජාතන්ත්‍රවාදී මාවතට පැමිණෙන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා.

එම සංවිධානය ඔචාලන් විසින් 1978 දී ආරම්භ කරන ලද්දක් වන අතර 1984 සිට තුර්කියට එරෙහි සන්නද්ධ අරගලයක යෙදී සිටිනවා. ඔචාලන් තුර්කි විශේෂ මෙහෙයුමක් මගින් 1999 දී අත්අඩංගුවට ගනු ලැබුණා.

කුර්දිස්ථාන කම්කරු පක්ෂය තුර්කිය සමග සාම වැඩපිළිවෙල කිහිපයකටම අතීතයේදී සහභාගී වී ඇතත් මෙවැනි ඉල්ලීමක් ඔචාලන් විසින් සිදුකරන ලද පළමු අවස්ථාව මෙයයි. මෙම ඉල්ලීම සැලකිය යුතු බලපෑමක් කුර්දිස්ථාන කම්කරු පක්ෂය වෙත කරනු ඇතැයි විශ්වාස කෙරෙනවා.

මේ අතර සිරියාවේ කුර්දි සංවිධානය වන සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී හමුදා පවසා සිටින්නේ ඔචාලන්ගේ ඉල්ලීම තමන්ට අදාල නොවන බව යි.

තුර්කිය දැනටත් කුර්දිස්ථාන කම්කරු පක්ෂයට එරෙහිව සටන් වදිනවා. වර්තමානයේ ඔවුන් උතුරු ඉරාකයේ ද මෙහෙයුම්වල නිරත වනවා.