hit counter

2024 මැයි මස 06 වන සඳුදා

2024 අප්‍රේල් 11, ප.ව. 9:16



ප්‍රකට ඇමරිකන් ෆුට්බෝල් ක්‍රීඩකයකු වූ OJ සිම්සන් පිළිකා රෝගී තත්ත්වය හේතුවෙන් මියගිය බව ඔහුගේ පවුලේ සාමාජිකයන් විසින් නිවේදනය කෙරුණා.

මියයනවිට 76 වන වියෙහි පසුවූ සිම්සන් 1970 දශකයේදී වාර්තා තැබූ ඇමරිකන් ෆුට්බෝල් ක්‍රීඩකයකු වුණා. පසු කලෙක රංගනයට සහ ක්‍රීඩා විස්තර විචාරයට සම්බන්ධ වූ සිම්සන් 1994 දී තම බිරිඳ සහ ඇගේ මිතුරකුගේ ඝාතනයට චෝදනා ලැබීම හේතුවෙන් ආන්දෝලනයට පත්වුණා.

සිම්සන් එම මරණ සිදුකළේ යයි සාක්ෂි බොහෝ තිබුණද ජූරි සභාව විසින් ඔහුව නිදොස් කොට නිදහස් කරනු ලැබුණා.

සිම්සන් 2008 දී ආයුධ සන්නද්ධව කළ සොරකමකට වරදකරුව 33 වසරක සිර දඬුවමකට නියම වූ අතර 2017 දී යහපත් කල්ක්‍රියාවේ කොන්දේසි යටතේ බන්ධනාගාරයෙන් නිදහස් කරනු ලැබුණා.