2024 ජනවාරි 18, ප.ව. 5:32
පාකිස්ථානය විසින් ඉරානයේ සිස්ථාන් බලෝචිස්ථාන් ප්‍රාන්තයේ පිහිටි ත්‍රස්ත ඉලක්ක කිහිපයක් වෙත ප්‍රහාරයන් එල්ල කළේ යයි අද උදෑසන පාකිස්ථාන විදේශ අමාත්‍යංශය නිවේදනය කළා.
මෙහිදී බලොචිස්ථාන් විමුක්ති හමුදාව සහ බලෝචිස්ථාන් විමුක්ති පෙරමුණ යන සංවිධානවල කඳවුරු ඉලක්ක කළ බවයි සඳහන් වන්නේ.
ඉරානයේ සිට ක්‍රියාත්මක ත්‍රස්තවාදී සංවිධාන පිළිබඳ අවස්ථා කිහිපයකදී ම පාකිස්ථානය විසින් ඉරානයට කරුණු දන්වා ඇති බවත් පාකිස්ථානය පවසනවා.
ජනවාරි 16 වනදා ඉරානය විසින් පාකිස්ථානයේ බලොචිස්ථාන් ප්‍රාන්තයේ පිහිටි ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළා. ඉරානය පවසන්නේ සිස්ථාන් බලොචිස්ථාන් ප්‍රාන්තයේ ක්‍රියාත්මක ජායිෂ් අල් ආදල් නම් ත්‍රස්ත සංවිධානයක් තමන් ඉලක්ක කළ බවයි.
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:53
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:34
2026 සැප්‍තැම්‍බර් 01, ප.ව. 2:18
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48