hit counter

2024 ජූලි මස 26 වන සිකුරාදා

2024 පෙබරවාරි 11, ප.ව. 11:18



පාකිස්ථානයේ පෙබරවාරි 8 වනදා පවත්වන ලද මහමැතිවරණයේ අවසන් ප්‍රතිඵල නිකුත්ව තිබෙනවා. ඒ අනුව කේවල ක්‍රමය යටතේ තරග පැවැත්වූ ආසන 265 න් 264 ක ප්‍රතිඵල නිකුත් වුණා.

මෙහිදී ඉම්රාන් ඛාන්ගේ පාකිස්ථාන් තෙහෙරීක් ඊ ඉන්සාෆ් (PTI) පක්ෂයට සම්බන්ධ ස්වාධීන මන්ත්‍රීන් ඇතුලත්ව ස්වාධීන මන්ත්‍රීන් 101 ක් දෙනකු පාර්ලිමේන්තුවට තේරීපත්ව සිටිනවා. ඉන් 90 කට වඩා PTI පක්ෂයේ අපේක්ෂකයන් බවයි පැවසෙන්නේ. ඔවුනට සිය ඡන්ද ලකුණ අහිමිවීම හේතුවෙන් ස්වාධීනව තරග කිරීමට සිදුවුණා.

මේ අතර පාකිස්ථාන මුස්ලිම් ලීග් – නවාස් පක්ෂය ආසන 75 ක් සහ පාකිස්ථාන මහජන පක්ෂය ආසන 54 ක් දිනාගෙන තිබෙනවා. මෙම පක්ෂ දෙක අතර සභාගය ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ සාකච්ඡා කිරීමට හිටපු අගමැති ශබාෂ් ශරීෆ්, පාකිස්ථාන මහජන පක්ෂයේ නායකයන් හමුවීමට අද රාත්‍රියේ පැමිණියා.

කෙසේ වෙතත් මැතිවරණ ප්‍රතිඵල නිවැරදි නොවන බවත් ඡන්ද දූෂණ සිදුවූ බවත් පවසමින් අද ද ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන් පාකිස්ථානයේ උද්ඝෝෂණ පැවැත්වූවා.