2025 මැයි 10, පෙ.ව. 11:16
ඉන්දියාව විසින් පාකිස්ථානයේ ගුවන් කඳවුරු තුනක් ඉලක්ක කරගෙන මිසයිල ප්‍රහාර එල්ල කළ බව පාකිස්ථානය පවසනවා. ඊට ප්‍රතිචාර දැක්වීමට තමන් බුන්යාන් උන් මර්සූස් නම් මෙහෙයුමක් දියත් කළ බව පාකිස්ථානය කියා සිටියා.
ඉන්දියාව විසින් ඉලක්ක කළ ගුවන් හමුදා කඳවුරු අතර රාවල්පිණ්ඩි නගරයේ නූර් ඛාන් කඳවුර, චක්වාල් හි මුරිද් කඳවුර සහ ශෝර්කොට් හි රෆීකි කඳවුර වනවා.
පාකිස්ථාන රජය පැවසූයේ තම හමුදා ඉන්දියාවේ ඉලක්ක ගණනාවකට පහර දුන් බවයි. ඒ අතර කඳවුරු කිහිපයක්ම වනවා. එමෙන්ම සයිබර් ප්‍රහාර ද එල්ල කරන බව ඔවුන් පවසනවා.
අදම්පූර්, උදම්පූර්, පතාන්කෝට් සහ සුරත්ඝර් ගුවන් කඳවුරුවලට මෙලෙස පහරදුන් බවයි පාකිස්ථානය කියා සිටින්නේ.
2025 මැයි 10, ප.ව. 6:20
2025 මැයි 10, ප.ව. 2:45
2025 මැයි 09, පෙ.ව. 6:59
2025 මැයි 08, ප.ව. 11:05
2025 මැයි 07, පෙ.ව. 10:06