hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 මාර්තු 29, පෙ.ව. 8:44



තමන්ට එළඹෙන මහමැතිවරණයට තරග කිරීම සඳහා නාමයෝජනා නොලැබීම හේතුවෙන් සිත් තැවුලට පත් වූ ඉන්දියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු කෘමිනාශක පානය කිරීමෙන් දින කිහිපයකට පසු මරණයට පත්ව ඇතැයි වාර්තා වනවා.

තමිල්නාඩුවේ මරුමලර්චි ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂයේ (MDMK) සාමාජිකයකු වන ඊරෝඩ් (Erode) ආසනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. ගනේෂමූර්ති මෙසේ මියගිය මන්ත්‍රීවරයායි.

මරුමලර්චි ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂයේ නායකයා වන්නේ වයිකෝ යි. ඔහුගේ පක්ෂය මෙවර INDIA සන්ධානය සමග එක්ව පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන අතර පසුගියදා එම පක්ෂය සහ ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් ආදී පක්ෂ තමිල්නාඩුවේ ආසන බෙදාගැනීම පිළිබඳ එකඟතාවයකට පැමිණියා. ඒ අවස්ථාවේ ගනේෂමූර්ති වෙත නාමයෝජනා ලැබුණේ නැහැ.

ගනේෂමූර්ති පසුගිය 24 වනදා සියදිවි නසාගැනීමට තැත් කර ඇති අතර පසුව ඊරෝඩ් හි පෞද්ගලික රෝහලකට ඇතුලත් කෙරුණා. එතැනින් ඔහුව කොයිම්බතූරයේ පෞද්ගලික රෝහලකට ගෙන එනු ලැබුණා. ඔහු ඊයේ අභාවප්‍රාප්ත වූයේ එහිදී යි. හෘදයාබාධයක් වැළඳීමෙන් ඔහුගේ මරණය සිදුව ඇති බවයි වාර්තා වන්නේ.