hit counter

2024 මැයි මස 01 වන බදාදා

2024 ජනවාරි 04, ප.ව. 11:11



ඉරාකයේ ක්‍රියාත්මක Popular Mobilization Forces හෙවත් මහජනයා සටනට කැඳවීමේ බලකායන් හි ඉරානයට ලැදි නායකයකු වූ හජ් මොශ්ටාක් තලෙබ් අල් සයිදි නමැත්තා ඇමරිකානු ගුවන් ප්‍රහාරයකින් මරණයට පත්ව තිබෙනවා.

මෙම ප්‍රහාරය එල්ල වූයේ බැග්ඩෑඩ් නගරයේදී යි. අල් සයිදි බැග්ඩෑඩ් හි PMF සංවිධානයේ නායකයකු වුණා.

ඉරාකයේ සහ සිරියාවේ ඇමරිකන් කඳවුරු වෙත 2022 ඔක්තෝබර් 17 වනදා සිට මේ දක්වා ඩ්‍රෝන, මිසයිල සහ රොකට් ප්‍රහාර 118 ක් පමණ එල්ල වී තිබෙනවා. ඇතැම් අවස්ථාවන් හි ඇමරිකානුවන් ද ඊට ප්‍රතිචාර දැක්වූවා. අල් සයිදි ඝාතනය වන්නේ එවන් පසුබිමකයි.

PMF යනු ඉරාක ආණ්ඩුව හා සම්බන්ධ පැරාමිලිටරි කණ්ඩායමක්. එය ඇත්තෙන්ම විවිධ සංවිධාන ගණනාවක එකතුවක් වන අතර ඒ බොහෝ සංවිධාන ඉරානයට ලැදියි. එමෙන්ම ඒ බොහෝ සංවිධාන ශියා මුස්ලිම් කණ්ඩායම් ද වනවා.