hit counter

2026 ජනවාරි මස 23 වන සිකුරාදා

2025 දෙසැම්‍බර් 04, ප.ව. 7:30



රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් නිල සංචාරයක් සඳහා නවදිල්ලියට පැමිණියා. ඔහු පිළිගැනීමට ඉන් දීය අගමැති නරේන් ද්‍ර මෝදි ගුවන් තොටුපලට පැමිණ සිටියා.

පුටින් ඉන්දියානු සංචාරය අතරතුර දී අගමැති නරේන්ද්‍ර මෝදි මෙන්ම ජනාධිපතිණි ද්‍රෞපදී මුර්මු ද සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා..

මෙම සංචාරය තුළදී ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. විශේෂයෙන්ම රුසියානු Su-57 යානා ඒකාබද්ධව නිපදවීම සහ ගුවන්, නාවික සහ මිසයිල තාක්ෂණ හුවමාරුව පිළිබඳව ද සාකච්ඡා සිදුවනු ඇතැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

මීට අමතරව දෙරට අතර වෙළෙඳාම පුළුල් කිරීම​, දෙරටෙහි ඔන්ලයින් ගෙවීමේ ක්‍රම අතර සබඳතාව වර්ධනය කිරීම යනාදී කරුණු ද සාකච්ඡා වීමට නියමිතව තිබෙනවා.

ඉන්දියාව සමග වෙළෙඳ සබඳතා පුළුල් කරගැනීම පිළිබඳ අවධානය යොමුව ඇතැයි රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් මෑතකදී ප්‍රකාශ කළා.

ජනාධිපති පුටින් නව දිල්ලියට පැමිණීමට පෙර දෙරටෙහි ආරක්ෂක ඇමතිවරුන් වන අන්ද්‍රේයි බෙලඌසෆ් සහ රාජ්නාත් සිං නව දිල්ලියේදී හමුවුණා.