hit counter

2026 අගෝස්‍තු මස 26 වන බදාදා

2025 මාර්තු 14, ප.ව. 8:14



යුක්‍රේනය විසින් දින 30 ක සටන් විරාමයකට එකඟ වීම සුබදායක වුවද රුසියාවට අවශ්‍ය වන්නේ දිගුකාලීන විසඳුමක් බව ජනාධිපති ව්ලදිමීර් පුටින් ඊයේ පැවසුවා.

තවද කෙටි කාලීන සටන් විරාමයක් අතරතුරදී යුක්‍රේනියානුවන් ප්‍රතිසංවිධානය වීම වැළැක්වීමට හැකියාව ඇතිදැයි ඔහු ප්‍රශ්න කළා.

රුසියානු හමුදා කුර්ස්ක් පළාතේදී ජයගනිමින් සිටින අවස්ථාවක සටන් විරාමයක් කරා එළඹීම මගින් යුක්‍රේනයට වාසියක් ලැබෙන බව ඔහු පෙන්වා දුන්නා.

මේ අතර පුටින් ඊයේ රාත්‍රියේ ට්‍රම්ප්ගේ මැදපෙරදිග නියෝජිත ස්ටීව් විට්කොෆ් සමග මොස්කව් හිදී පුද්ගලික සාකච්ඡාවක් පැවැත්වූවා. එහිදී ඔහු විට්කොෆ් අත ට්‍රම්ප්ට තවත් කරුණු දන්වා යැවූ බව ක්‍රෙම්ලීනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කෝෆ් මාධ්‍යවේදීන්ට හෙළිදරව් කළා.