2025 පෙබරවාරි 19, ප.ව. 12:49
රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින්ට සාමය අවශ්‍ය නැති බවත් යුක්‍රේනය සම්පූර්ණයෙන්ම යටත් කරගැනීමට හැකියාව ඇතැයි ඔහු විශ්වාස කරන බවත් ඇමරිකානු බුද්ධි නිලධාරීන් විශ්වාස කරන්නේ යැයි මාධ්‍ය ආයතනය පවසනවා.
ඔවුන් කියා සිටින්නේ යුක්‍රේනය පරාජය කිරීම සඳහා අවශ්‍ය ශක්තිය සහ කාලයක් සටන් කිරීමේ හැකියාව රුසියාවට ඇති බව පුටින් විශ්වාස කරන බවයි.
කෙසේ වෙතත් ව්ලදිමීර් පුටින්ට යුද්ධය නිමා කිරීමට අවශ්‍ය යැයි තමන් සිතන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෑතකදී කියා සිටියා.
රුසියාව සහ ඇමරිකාව අතර වසර ගණනාවකට පසු සිදුවූ ඉහළ පෙළේ සාකච්ඡාව ඊයේ සෞදි අරාබියේ රියාද් නගරයේදී පැවැත්වුණ අතර එය සාර්ථක බැව් දෙපාර්ශවයම පවසනවා.
2026 අගෝස්‍තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48
2026 අගෝස්‍තු 04, ප.ව. 11:24
2026 අගෝස්‍තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24