hit counter

2025 ඔක්‍තෝබර් මස 22 වන බදාදා

2024 මැයි 10, පෙ.ව. 10:21



රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් විසින් එරට අගමැති ලෙස මිහායිල් මිෂුස්තින්ව නැවතත් තෝරාගෙන තිබෙනවා.

පසුගියදා පුටින්ගේ නව ධුර කාලය ඇරඹීමත් සමග රුසියානු ව්‍යවස්ථාවෙහි සඳහන් පරිදි රුසියානු අගමැති ඇතුළු කැබිනෙට්ටුව ඉල්ලා අස්වුණා. නව කැබිනට් මණ්ඩලය ඉදිරි දිනවලදී පත්කෙරෙනු ඇති බවට අපේක්ෂා කෙරෙනවා.

මිෂුස්තින් අගමැති ධුරයට පත්කෙරුණේ 2020 වසරේදී යි. හිටපු අගමැති දිමිත්‍රි මෙද්වදෙෆ් වෙනුවට ඔහුව එම තනතුරට පත් කරනු ලැබුණා. මිෂුස්තින් ඊට පෙර දශකයක් පමණ රුසියාවේ ෆෙඩරල් බදු ආදායම් ආයතනයේ ප්‍රධානියා වුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: