2023 දෙසැම්බර් 05, ප.ව. 8:16
රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් මැදපෙරදිග තත්ත්වය සහ අනෙකුත් කරුණු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සහ සෞදි අරාබියට සංචාරය කිරීමට නියමිත බව ක්‍රෙම්ලීනය පවසනවා.
බදාදා දිනයේ මෙම සංචාරයන් සිදුවන බවයි ක්‍රෙම්ලීනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කෝෆ් සඳහන් කළේ.
මේ අතර ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පුටින් අතර හමුවක් බ්‍රහස්පතින් දා මොස්කව් නුවරදී සිදුවීමට ද නියමිතයි. මෙම සංචාරයට වෙළෙඳ සහ ආර්ථික ක්ෂේත්රයන්ට අදාල උසස් රජයේ නිලධාරීන් සහ අනෙකුත් නියෝජිතයන් ගෙන් සැදුම්ලත් දූත පිරිසක් මොස්කව් වෙත පැමිණෙන බව ඉරානයේ තස්නිම් පුවත් සේවය වාර්තා කළා.
2026 සැප්තැම්බර් 06, ප.ව. 10:53
2026 සැප්තැම්බර් 06, ප.ව. 10:34
2026 සැප්තැම්බර් 01, ප.ව. 2:18
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48