hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 අප්‍රේල් 23, පෙ.ව. 10:56



චෙච්නියානු නායක රම්සාක් කදීරෆ් බරපතල ලෙස රෝගාතුර වී ඇතැයි නොවායා ගසේතා පුවත්පත ප්‍රකාශ කරනවා. ඔහු අග්න්‍යාශය ක්ෂය වීමේ රෝගයකින් පෙළෙන බවයි සඳහන් වන්නේ. මෙම පසුබිමෙහි රුසියානු පාලනය චෙච්නියාවේ නායකත්වයට අනුප්‍රාප්තිකයකු සූදානම් කරන බව නොවායා ගසේතා පුවත්පත වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

රම්සාන් කදීරෆ් මුලින්ම මෙම රෝගයට ගොදුරුව ඇතැයි දැනගෙන ඇත්තේ 2019 ජනවාරියෙදී බවත් 2023 සැප්තැම් බරයේදී ඔහු දින කිහිපයක් අතුරුදහන්ව සිටියේ මෙම රෝගයට ප්‍රතිකාර ලැබීමට සිදුවූ නිසා බවත් නොවායා ගසේතා වාර්තාව කියා සිටිනවා.

කදීරෆ්ගේ අනුප්‍රාප්තිකයා ලෙස සලකා බැලෙන පුද්ගලයන් අතර ඉදිරියෙන්ම සිටින්නේ චෙච්නියාවේ අක්මට් හමුදා බලකායේ ප්‍රධානී අප්ති අලව්දිනෆ් බවයි සඳහන් වන්නේ.

රම්සාන් කදීරෆ් 2007 සිට චෙච්නියාවේ නායකයා ලෙස කටයුතු කරනවා.