hit counter

2024 ජූලි මස 26 වන සිකුරාදා

2024 මැයි 22, ප.ව. 10:57



බ්‍රිතාන්‍ය අගමැති රිෂී සුනාක් එළඹෙන ජූලි 4 වනදා හදිසි මහමැතිවරණයක් කැඳවීමට තීරණය කර තිබෙනවා.

තුන්වන චාර්ල්ස් රජු ඒ සඳහා සිය අනුමැතිය ලබා දී ඇති අතර මේ අනුව පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලබනවා.

රිෂී සුනාක් පවසන්නේ 2022 ඔක්තෝබරයේ සියයට 11.2 ක් වූ උද්ධමනය වර්තමානය වනවිට සියයට 2.3 ක් දක්වා පහත වැටී ඇති බවයි.

තවදුරටත් යහපත් අනාගතයක් වෙත ගමන් කරන්නේ ද නැවත ව්‍යාකූල තත්ත්වයකට ගමන් කරන්නේ ද යන්න මේ අවස්ථාවේ තීරණය කළ යුතු යයි ඔහු ප්‍රකාශ කරනවා.

රිෂී සුනාක්ගේ කොන්සර්වේටිව් පක්ෂය අයහපත් ආර්ථිකය සහ අභ්‍යන්තර ගැටුම් හේතුවෙන් ජනප්‍රියත්වයෙන් පහළ වැටී තිබෙන අවස්ථාවකයි මෙම මැතිවරණය කැඳවනු ලබන්නේ.

ලේබර් පක්ෂය සමීක්ෂණ වාර්තා අනුව කොන්සර්වේටිව් පක්ෂයට වඩා සියයට 20 ක පමණ ජනප්‍රියත්වයක් රඳවා තබාගෙන තිබෙනවා.