hit counter

2026 ජූලි මස 25 වන සෙනසුරාදා

2024 මාර්තු 13, ප.ව. 11:33



යුක්‍රේනය සමග පවතින ගැටුම් සමථයකට පත්කිරීමේ අරමුණින් සාම සාකච්ඡා පැවැත්වීමට නම් රුසියාවේ ආරක්ෂාව පිළිබඳ සහතිකයක් ද සාකච්ඡා පවත්වන සමය භාවිතා කර යුක්‍රේනය සන්නද්ධ කිරීමෙන් වැළකීම ද බලාපොරොත්තු වන බව රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් පවසනවා.

යුක්‍රේනයට බටහිර රටවල හමුදා පැමිණියහොත් එය යුක්‍රේනයටම තර්ජනයක් වීමේ ඉඩක් ඇති බව පුටින් පවසනවා. පෝලන්තය උදාහරණයක් ලෙස ගත් පුටින් සඳහන් කළේ සෝවියට් දේශය විසින් එම රටෙන් ලබාගත් ප්‍රදේශ අද යුක්‍රේනය තුළ වන බවයි.