hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 29, ප.ව. 11:42



රුසියාව විසින් 2022 පෙබරවාරියේ යුද්ධාරම්භයෙන් අනතුරුව යුක්‍රේනයට එල්ල කළ දැවැන්තම ගුවන් ප්‍රහාරය එල්ල කර ඇතැයි යුක්‍රේනය සඳහන් කළා.

බ්‍රහස්පතින්දා රාත්‍රියේ සිට සිකුරාදා උදෑසන දක්වා එල්ල වූ ප්‍රහාරයන්ට ඩ්‍රෝන සහ මිසයිල ගණනාවක් යොදගෙන තිබෙනවා.

එතරම් විශාල ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක් එක්වර එල්ල වූ අවස්ථාවක් මින් පෙර නොවූ බවයි යුක්‍රේන ගුවන් හමුදාව පවසන්නේ.

මෙම ප්‍රහාරවලින් 31 දෙනකු මියගොස් තවත් 150 කට වැඩි පිරිසකට තුවාල සිදුවුණු බව යුක්‍රේනය පවසනවා. ද්නීප්‍රෝ නගරයේ මාතෘ රෝහලකට ද ප්‍රහාර එල්ල වූ බව ඔවුන් සඳහන් කළා.

කෙසේ වෙතත් රුසියාව පවසන්නේ තමන් ඉලක්ක කළේ මිලිටරි ඉලක්කවලට බවයි. එම ඉලක්ක සියල්ල සාර්ථක වූ බව ද රුසියාව පවසනවා. යුක්‍රේනය ප්‍රකාශ කළේ ඇතැම් මිසයිල සහ ඩ්‍රෝන විනාශ කිරීමට තමන් සමත් වූ බවයි.