hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 මාර්තු 28, ප.ව. 9:38



රුසියානු හමුදා විසින් එළඹෙන ගිම්හානයේදී යුක්‍රේන සටන් පෙරමුණෙහි දැවැන්ත ප්‍රහාරයක් දියත් කිරීමේ ඉඩක් ඇතැයි “ද ඉකොනොමිස්ට්” සඟරාව අනාවැකි පළ කරනවා.

එම සඟරාව කියා සිටින්නේ දැනට පෙරමුණේ පවතින තත්ත්වය යුක්‍රේනයට ඉතා අහිතකර බවයි. බටහිරින් ලැබෙන යුධ ආධාර සීමාවීම මීට එක් ප්‍රධාන හේතුවක් වන නමුත් යුක්‍රේනයේ ද වැරදි මීට බලපා ඇති බවයි එම සඟරාව වැඩිදුරටත් කියා සිටින්නේ.

යුක්‍රේනය පිරිස් බලය වර්ධනය කිරීමට නිසි පරිදි කටයුතු නොකිරීම මෙන්ම ආරක්ෂක වළලු ප්‍රමාණවත් ලෙස ඉදි නොකිරීම හේතුවෙන් ද අවදානමට ලක්ව සිටිනවා. පිරිස් බලය හා අවි බලය පිළිබඳ ප්‍රශ්න තිබියදී පවා ඔවුන් මෙම වසරේ ද තමන් විසින් එල්ල කෙරෙන ප්‍රතිප්‍රහාරයක් පිළිබඳ බලාපොරොත්තු තබාගෙන සිටීම ද ගැටළු සහගත බවයි පෙන්නුම් කෙරෙන්නේ.

යුක්‍රේනයේ බලාපොරොත්තුව වූයේ රුසියානුවන් විසින් අල්ලාගත් ප්‍රදේශ මුදාගැනීම වුවද පවතින තත්ත්වය යටතේ රුසියානු ප්‍රහාරයක් එල්ල වුවහොත් පවතින සීමාව පවා ආරක්ෂා කරගැනීම අසීරු විය හැකි බවයි “ද ඉකොනොමිස්ට්” සඟරාව පවසන්නේ.