hit counter

2024 මැයි මස 19 වන ඉරිදා

2024 මැයි 06, ප.ව. 11:49



බ්‍රිතාන්‍යය විසින් යුක්‍රේනයට ලබාදුන් මිසයිල භාවිතා කරමින් රුසියාව අභ්‍යන්තරයේ ඉලක්ක වෙත යුක්‍රේනය විසින් ප්‍රහාර එල්ල කෙරුණහොත් යුක්‍රේනයේ හෝ වෙනත් ස්ථානවල හෝ ඇති බ්‍රිතාන්‍ය ඉලක්කවලට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව රුසියාව නිල වශයෙන් දන්වා තිබෙනවා.

මොස්කව් හි බ්‍රිතාන්‍ය තානාපති නයිජල් කැසී විදේශ අමාත්‍යංශය වෙත කැඳවනු ලැබීමෙන් අනතුරුව මෙම නිවේදනය ඔහු වෙත ලබා දී තිබෙනවා.

බ්‍රිතාන්‍යය විසින් ලබාදුන් අවි භාවිතා කර රුසියාව අභ්‍යන්තරයේ ඉලක්ක වෙත පහරදීමට යුක්‍රේනයට අයිතිය ඇති බවට බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍ය ඩේවිඩ් කැමරන් විසින් කරන ලද ප්‍රකාශය මෙම නිවේදනයට ආසන්නම හේතුව බවයි සඳහන් වන්නේ.

මීට පෙර ඇමරිකාව ආදී රටවල් යුක්‍රේනයට දිගු දුර මිසයිල ලබාදුන්නේ ඒවා යුක්‍රේනය තුළ​, එනම් 2014 ට පෙර යුක්‍රේනයට අයත් වූ ප්‍රදේශ තුළ පමණක් යොදාගන්නා බවට වූ අවබෝධය සහිතවයි.

රුසියානු විදේශ අමාත්‍යංශය සඳහන් කරන්නේ කැමරන් විසින් කරන ලද ප්‍රකාශය මගින් තම රට ද මෙම සටනෙහි පාර්ශවකරුවකු ලෙස කරන ලද පිළිගැනීමකට සමාන බවයි.

මේ අතර රුසියාව සිය න්‍යෂ්ටික අවි පිළිබඳ අභ්‍යාසයක් සිදු කරන්නේ යයි එරට ආරක්ෂක අමාත්‍යංශය අද ප්‍රකාශ කළා.