hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 06, ප.ව. 9:46



රුසියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර මිත්‍රත්වය කවරදාකටත් වඩා ශක්තිමත් තත්ත්වයක පවතින බව රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් පවසනවා.

අබුඩාබියේදී එක්සත් අරාබි එමීරයේ ජනාධිපති ශෙයික් මොහොමඩ් බින් සයෙඩ් අල් නහ්යාන් විසින් පවත්වන ලද පිළිගැනීමේ උත්සවයේදී පුටින් මේ බව කියා සිටියා.

අරාබිකරයේ රුසියාව සමග වැඩිම වෙළෙඳාමක් සිදුකරන රාජ්‍යය වන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය බව කියා සිටි පුටින් 2022 වසරේදී දෙරට අතර වෙළඳාම සියයට 67 කින් වර්ධනය වූයේ යයි ද කියා සිටිනවා. එමෙන්ම දෙරට අතර තෙල් සහ ගෑස් ක්ෂේත්‍රයේ නව සබඳතා නිර්මාණය වනු ඇතැයි ද ඔහු කියා සිටියා.

තවද ඊශ්‍රායල​-හමාස් ගැටුම සහ යුක්‍රේන අර්බුදය වැනි සිද්ධීන් පිළිබඳ ද තමන් අදහස් හුවමාරු කරගන්නා බව පුටින් සඳහන් කළා.

ශෙයික් අල් නහ්යාන් ද දෙරට අතර මිත්‍රත්වය ඓතිහාසික අදියරක පවතින බව කියා සිටි අතර විවිධ ක්ෂේත්‍රවලින් දෙරටටම වාසිදායක වන ආකාරයෙන් මෙම මිත්‍රත්වය වර්ධනය වනු ඇතැයි ද සඳහන් කළා.

එක්සත් අරාබි එමීර් සංචාරයෙන් පසු පුටින් සවුදි අරාබියේ රියාද් හිදී මොහොමඩ් බින් සල්මාන් කුමරු ද හමුවීමට නියමිතයි.