hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2024 මාර්තු 31, ප.ව. 1:36



උතුරු කොරියාවට එරෙහිව පනවා ඇති එක්සත් ජාතීන්ගේ සම්බාධක පිළිබඳ විමර්ශනය කරන විශේෂඥ කමිටුවෙහි බලය තවත් වසරකට දිගු කිරීමට ගෙන ආ යෝජනාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේදී පරාජය වුණා.

රුසියාව එම යෝජනාවට එරෙහිව සිය නිශේධ බලය භාවිතා කළ අතර චීනය ද ඡන් දය දීමෙන් වැළකී සිටියා.

ඇමරිකාව සඳහන් කරන්නේ රුසියානුවන් නිශේධ බලය භාවිතා කිරීම තුළින් තමන් සහ උතුරු කොරියාව අතර ඇති ගනුදෙනු සැඟවීමට කටයුතු කරන බවයි. කෙසේ වෙතත් මෙම විශේෂඥ කමිටුව උතුරු කොරියාවට විරුද්ධව බටහිර රටවල් විසින් භාවිතා කරන්නක් බවට පත්ව ඇති බවත් එහි කටයුතු ගැටළු සහගත බවත් රුසියාව චෝදනා කරනවා.

මෙම යෝජනාව පරාජය වීමෙන් උතුරු කොරියාවට එරෙහිව පනවා ඇති සම්බාධක ඉවත්වීමක් සිදුවන්නේ නැහැ. එහෙත් එම සම්බාධක බිඳදැමීමේ අවස්ථා පිළිබඳ විමර්ශනය නවතින අතර සම්බාධක බලාත්මක කිරීමේ ගැටළු ද ඒ අනුව ඇතිවීමේ ඉඩක් තිබෙනවා.

රුසියාව එක්සත් ජාතීන්ගේ සම්බාධක උල්ලංඝණය කරමින් උතුරු කොරියාවෙන් බැලිස්ටික් මිසයිල ආදී අවි මිලදී ගන්නා බව ඇමරිකාව ඇතුළු බටහිර රටවල් චෝදනා කරනවා. රුසියාව එම චෝදනා ප්‍රතික්ෂේප කර සිටිනවා.