hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2022 ජූනි 11, ප.ව. 5:37



එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංචාරක සංගමයේ සාමාජිකත්වයෙන් ඉවත්වීමට රුසියාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව අදාළ ලිපිය ඊයේ (10) දින නිල වශයෙන් එම සංවිධානයට ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසුව ජගත් සංවිධානයේ සංචාරක සංගමය විසින් පසුගියදා රුසියානු සාමාජිකත්වය තාවකාලිකව අත්හිටවනු ලැබුවා.

ඉන් අනතුරුවයි සංචාරක සංගමයේ සාමාජිකත්වයෙන් ඉවත්වීමට රුසියාව තීරණය කර ඇත්තේ.