hit counter

2024 මැයි මස 07 වන අඟහරුවාදා

2024 පෙබරවාරි 21, පෙ.ව. 8:24



2023 අගෝස්තුවේදී Mi-8 හමුදා හෙලිකොප්ටරයක් සමග යුක්‍රේනියානුවන් වෙත පළාගිය රුසියානු නියමුවා ස්පාඤ්ඤයේදී ඝාතනය කර ඇතැයි එරට මාධ්‍ය පවසා තිබෙනවා.

මක්සිම් කුස්මිනොෆ් නම් මෙම නියමුවා ස්පාඤ්ඤයේ නැගෙනහිර වෙරළබඩ නගරයක් වන විලායොයෝසා හිදී මරාදමනු ලැබ ඇත්තේ පෙබරවාරි 13 වනදා යි. ඒ බව ස්පාඤ්ඤ මාධ්‍ය විසින් පෙබරවාරි 19 වනදා වාර්තා කර තිබුණා.

මෙම ඝාතනය මාෆියා කල්ලියක ප්‍රහාරයක් මෙන් සිදුව ඇති බවයි පැවසෙන්නේ. කුස්මිනොෆ් වෙත වෙඩි උණ්ඩ කිහිපයක්ම එල්ල වී ඇති අතර ඉන් අනතුරුව මෝටර් රථයක් ඔහුව හප්පාගෙන ගොස් තිබෙනවා..

යුක්‍රේනයේ බුද්ධි අංශ ප්‍රකාශකයකු වන අන් ද්‍රේයි යූසොෆ් එම මරණය පිළිබඳ යුක්‍රේන මාධ්‍ය වෙත තහවුරු කර තිබෙනවා.