hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2024 දෙසැම්‍බර් 17, ප.ව. 11:25



රුසියාවේ විකිරණ​, රසායනික සහ ජෛව විද්‍යාත්මක ආයුධ ආරක්ෂක බලකායේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ඊගර් කිරීලෆ් අද උදෑසන සිදුවූ බෝම් බ පිපිරීමකින් මරණයට පත්වුණා.

ඔහු සමග සිටි ඔහුගේ සහයක නිලධාරී මේජර් ඉල්යා පනමාරෙෆ් ද මෙම පිපිරීමෙන් මියගියා.

මොස්කව් වෙලාවෙන් උදෑසන හයට පමණ ඔවුන් නිවසකින් පිටතට පැමිණෙද්දී මෙම පිපිරීම සිදුවුණා. එතැන නවතා තිබූ ස්කූටරයක අටවා තිබූ බෝම්බයක් මෙසේ පිපිරී ගිය බවයි සඳහන් වන්නේ.

මෙම ප්‍රහාරය යුක්‍රේනයේ SBU ආරක්ෂක ඒජන්සියේ ක්‍රියාවක් බවයි එහි අභ්‍යන්තර ආරංචිමාර්ග පවසා ඇත්තේ.