hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2024 නොවැම්‍බර් 12, ප.ව. 1:12



රුසියානු සහ උතුරු කොරියානු හමුදා එක්ව කුර්ස්ක් පළාතේ යුක්‍රේනියානුවන් අල්ලාගෙන සිටින ප්‍රදේශ නැවත ලබාගැනීම සඳහා ප්‍රහාරක මෙහෙයුමක් දියත් කිරීමේ සූදානමක් වේ යයි යුක්‍රේන සහ ඇමරිකානු බලධාරීන් විශ්වාස කරනවා.

මේ බව වාර්තා කර තිබුණේ ඇමරිකාවේ නිව් යෝර්ක් ටයිම්ප්ස් පුවත්පත විසින්.

රුසියානු සහ උතුරු කොරියානු හමුදා සාමාජිකයන් 50,000 ක් පමණ මෙම මෙහෙයුම සඳහා සූදානම් වන බවයි බුද්ධි තොරතුරු මගින් පෙන්වා දී ඇත්තේ.

උතුරු කොරියානුවන් 10,000 ක් පමණ කුර්ස්ක් පළාතේ සිටින බවත් ඔවුන්ට මැශින් තුවක්කු, ස්නයිපර් තුවක්කු, යුධ ටැංකි නාශක අවි, RPG ආදී අවි ලබා දී ඇති බවත් සඳහන් වනවා.

තවද එම හමුදාවන් කොටසකට සාමාන්‍ය පාබල සටන් උපක්‍රමවලට අමතරව යුධ අගල් සුද්ධ කිරීමේ උපක්‍රමවල පුහුණුව ද ලබා දී ඇති බව විශ්වාස කෙරෙනවා.

යුක්‍රේන බලධාරීන් කියා සිටින්නේ කුර්ස්ක් හි රැඳී සිටින තම හමුදා වෙත රුසියානු කාලතුවක්කු ප්‍රහාර වැඩිව ඇති බවයි. එහෙත් මෙතෙක් දැවැන්ත පාබල හමුදා ප්‍රහාරයක් පිළිබඳ වාර්තා වන්නේ නැහැ.