hit counter

2026 අප්‍රේල් මස 13 වන සඳුදා

2024 ජනවාරි 24, ප.ව. 11:31



රුසියාවේ බේල්ගොරද් ප්‍රදේශයේදී ඉල්-76 ප්‍රවාහන ගුවන් යානයක් කඩාවැටීමෙන් එහි ගමන් ගත් යුක්‍රේන සිරකරුවන් 65 ක්, කාර්යය මණ්ඩලය හය දෙනෙක් සහ සිරකරුවන් සමග සිටි ආරක්ෂකයින් තිදෙනෙක් මියගොස් ඇතැයි වාර්තා වනවා.

මෙම පිරිස බේල්ගොරද් වෙත පැමිණ ඇත්තේ යුධ සිරකරුවන් හුවමාරුවක් සඳහා බවයි සඳහන් වන්නේ.

ගුවන් යානා දෙකකින් බේල්ගොරද් වෙත යුක්‍රේන සිරකරුවන් රැගෙන එන ලද බව වාර්තා වුණා.

මේ අතර මෙම ගුවන් යානය කඩාවැටුණේ යුක්‍රේන ප්‍රහාරයක් හේතුවෙන් යයි ද වාර්තා පළවනවා.