2023 මැයි 03, ප.ව. 7:35
සර්බියාවේ අගනුවර වන බෙල්ග්‍රේඩ් හි ප්‍රාථමික පාසලක වෙඩි තැබීමකින් ළමුන් අට දෙනෙකු ඇතුළු පුද්ගලයින් 9 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
14 හැවිරිදි පිරිමි ළමයෙකු මෙම වෙඩි තැබීම්වලට සැකපිට අත්අඩංගුවට ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
සර්බියානු බලධාරීන් පවසන්නේ වෙඩි තැබීම් සඳහා සැකකරු තම පියාට අයත් අවියක් භාවිතා කර ඇති බවයි.
මේ වන විට සියලුම පොලිස් මුර සංචාර එම ස්ථානයට යවා ඇති බවයි එරට ආරක්ෂක අමාත්යංශය සඳහන් කරන්නේ.
ප්‍රහාරයෙන් තුවාල ලැබූ ළමුන් හය දෙනෙකු සහ එක් ගුරුවරයෙකු රෝහල් ගත කර ඇති බව අමාත්‍යාංශය වැඩිදුරටත් පවසනවා.
බෙල්ග්‍රේඩ් පාසලේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ගුරුවරයා 53 හැවිරිදි පුද්ගලයෙක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ගුරුවරිය සහ තුවාල ලැබූ පාසල් සිසුන් සර්බියාවේ විශ්ව විද්‍යාල සායනික මධ්‍යස්ථානයේ හදිසි මධ්‍යස්ථානයට ඇතුළත් කර ඇති තිබෙනවා.
තුවාල ලැබූ එක් සිසුවියක් බරපතල තුවාල ලැබීමෙන් පසු ශල්‍යකර්මයකට භාජනය වන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
2025 ඔක්‍තෝබර් 14, ප.ව. 12:30
2025 ඔක්‍තෝබර් 13, ප.ව. 2:26
2025 ඔක්‍තෝබර් 12, ප.ව. 2:40
2025 ඔක්‍තෝබර් 12, ප.ව. 2:31
2025 ඔක්‍තෝබර් 10, ප.ව. 7:29