2025 දෙසැම්බර් 30, ප.ව. 11:54
යේමනයේ මුකල්ලා වරායට අද උදෑසන සෞදි ගුවන් ප්‍රහාර එල්ල වුණා. දෙසැම්බර් 27 සහ 28 දිනවල එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙහි ෆුජියේරා සිට පැමිණි නෞකා දෙකක් යේමනයේ දකුණුදිග අන්තර්වාර කවුන්සිලය වෙත ආයුධ සහ සන්නද්ධ රථ ගෙන ආ බවත්, එහෙයින් මුකල්ලා වරායට පහරදුන් බවත් සෞදි අරාබිය කියා සිටියා.
මීට අමතරව යේමනයේ ස්ථාවරත්වය බිඳ දමන්නේ යැයි සෞදි අරාබිය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට චෝදනා කළා.
මේ අතර යේමනයේ ජාත්‍යන්තරව පිළිගත් ආණ්ඩුවෙහි ජනාධිපති මණ්ඩල ප්‍රධානී රශද් අල්-අලීමි ජාතිය අමතමින් එක්සත් අරාබි එමීරේටය සමග වූ ආරක්ෂක ගිවිසුම් අවලංගු බවත් එහි හමුදා යේමනයෙන් පිටවිය යුතු බවත් සඳහන් කළා.
තවද දකුණුදිග අන්තර්වාර කවුන්සිලය විසින් අල්ලාගත් හඩ්රමෝට් සහ අල්-මහ්රාර් පළාත්වලින් ඔවුන් ඉවත් විය යුතු බව ද ඔහු කියා සිටියා.
කෙසේ වෙතත් අල්-අලීමිගේ ආණ්ඩුව විසින් පාලනය කෙරෙන්නේ යේමනයේ කුඩා කොටසක් පමණයි. එම ආණ්ඩුවට සෞදි අරාබියේ සහය හිමිව තිබෙනවා.
2026 ජනවාරි 21, පෙ.ව. 9:16
2026 ජනවාරි 20, ප.ව. 8:39
2026 ජනවාරි 18, ප.ව. 11:55
2026 ජනවාරි 16, පෙ.ව. 11:25
2026 ජනවාරි 14, පෙ.ව. 11:02