hit counter

2024 ජූලි මස 26 වන සිකුරාදා

2023 දෙසැම්‍බර් 10, ප.ව. 9:54



යේමනයේ හූති කැරලිකරුවන් විසින් රතු මුහුදේ ගමන් කරන නෞකාවලට එල්ල කරන තර්ජන පිළිබඳව තදබල තීරණයක් ගතයුතු බවට අදහස් පළවෙමින් තිබෙනවා.

කෙසේ වෙතත් සවුදි අරාබිය එවන් පියවරක් ගැනීම පිළිබඳ කිසියම් අවිනිශ්චිතතාවයක් පෙන්නුම් කරන බව ඊශ්‍රායලයේ හාරෙට්ස් පුවත්පත වාර්තා කර තිබෙනවා.

සවුදි අරාබිය සැක පළ කරන්නේ ඇමරිකාව ප්‍රමුඛව රතු මුහුදේ ආරක්ෂාව තහවුරු කිරීමේ මෙහෙයුමක් ඇරඹුවහොත් ඊට තමන් දායක වීමෙන්, ඉරානය සමග වන සාම වැඩපිළිවෙල කඩාකප්පල් වනු ඇති බවයි.

එමෙන්ම හූති කැරලිකරුවන් ද නැවතත් තමන් ඉලක්ක කරගෙන පහරදිය හැකි යයි ද සවුදි අරාබිය සැක පළ කරනවා.

2022 මාර්තුවේ හූති කැරලිකරුවන් විසින් සවුදි ඇරැම්කෝ තෙල් සංකීර්ණ වෙත ද ප්‍රහාර එල්ල කළ අතර නිරන්තරයෙන් සවුදි අරාබියේ ඉලක්ක වෙත හූතිවරුන් පහර දුන්නා. ඉරානය සමග සාම වැඩපිළිවෙල ඇරඹී ස්වල්ප දිනෙකින් හූති ව්‍යාපාරය සමග ද සවුදි අරාබිය සාකච්ඡා කිරීම ආරම්භ කළා.